පුජ්‍ය රණස්ගල්ලේ සිද්ධාර්ථ හිමි
භාග්‍යවතුන් වහන්සේ දේශණා කරන ලද ධර්මය එකම ප්‍රීති සාගරයකි . ආර්ය අෂ්ටාංගික මාර්ගය එම ප්‍රීති සාගරය තුළ නිවන කරා යන ස්වර්ණමය නෞකාවකි. මම නොවේ , මගෙ නොවේ , මගේ ආත්මය නොවේ . යන සම්බුදු වදන් මන්දගාමී ස්වසන රිද්මයක් බවට පත් වී ඇත.
නින්දත් එක්තරා සමාධියකි . යාම් ඒම් , ඉඳුම් හිටුම් හා විවේකය එක දිගටම පවත්නා විදර්ශනාවකි.
ගේ දොර ඉඩකඩම් ව්‍යාපාර දරුවන් කෙරෙහි තිබූ බැඳීම් සිඳී නොපෙනී ගොස්ය.
යෝග අභ්‍යාස, ප්‍රාණයාම පිළිබ්ඳව දැනෙන්නේ ඒවා පුංචි කාලයේ දී සෙල්ලම් ලෙස ය. දැන් ධ්‍යාන වඩන කෙනෙක් නැත . නාම - රූපය පැහැදිලිව වෙන්ව පෙනෙන්නේ දැහැන් ගතවූ පසුය . මම කවුද යන සැකය දුරුවී ඇත. මාර්ගය පැහැදිලිව ඇත.
සංස්කාරයන් ක්ෂනයක් පාසා පෙරලීයයි. ඇතිවෙමින් නැතිවෙයි. ඒවා තුළ තම වසඟයේ තබාගත හැකි ආත්මීය දෙයක් නැත .
ඇතිවෙමින් නැතිවන අනිත්‍යයවූ සංස්කාරයන් තුළ ස්ථිර ස්වභාවයක් පෙනෙනුයේ අවිද්‍යාව නිසා ය.
විඤඤනය නමැති මයකරයාගේ රංගනය ධර්මය හමුවේ පැරදී ඇත . දැන් විදර්ශණාව සමාහිත හිත තුළ ස්වයංක්‍රීයව විමුක්තිය කරා ඇදෙන අධ්‍යාත්මික ප්‍රවාහයක් පමණි . කළ හැක්කේ එයට ඉඩදී උපේක්‍ෂාවෙන් සිටීමය